3rd September 2025
පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 දී යුද්ධ හමුදාවට සහ ජාතියට අභිමානයක් එක් කරමින්, කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනාගත් 2 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් වයි.ඩී.අයි කුමාර ඇතුළු ජාතික බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
එහිදී කණ්ඩායම් කළමනාකරු, පුහුණුකරු සහ සෙසු සාමාජිකයන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම තරඟාවලිය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල (ජ්‍යෙෂ්ඨ /කනිෂ්ඨ/තරුණ) ප්රමුඛ පෙළේ බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, මෙම තරඟය 2025 අගෝස්තු 24 සිට 28 දක්වා ඉන්දියාවේ අහමදාබාද් නගරයේදී පවත්වන ලදී.