3rd September 2025
යුද්ධ හමුදාවේ ටයිකොන්ඩෝ උපදේශකවරුන් සහ කළු පටි හිමි ක්‍රීඩකයින් වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව විසින් පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වු දෙදින වැඩමුළුව 2025 අගෝස්තු මස 20 දින සිට 21 දින දක්වා පැවැත්විණ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන් රත්නායක, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ජී.එල් සජිත් ජයලාල් සහ රසින්දු ජයසිංහ යන මහත්වරුන් සමඟ එක්ව දේශන සහ ප්‍රායෝගික පුහුණුව පැවැත්වූහ.
එම පුහුණු වැඩසටහන සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ටයිකොන්ඩෝ උපදේශකවරුන් සහ කළු පටි හිමි ක්‍රීඩකයින් 60 දෙනෙකු පමණ මෙම වැඩසටහනට සහභාගි වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rdcs psc ගේ මඟපෙන්වීම යටතේ සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර් කන්නන්ගර RSP ndc ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.