2nd September 2025
27 වන වාර්ෂික ඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව 2025 අගෝස්තු මස 25 දින සිට 28 දින දක්වා තායිලන්තයේදී පැවති අතර, ඒ සඳහා රටවල් 29 ක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් සහභාගි වූහ. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
‘ශක්තිය තුළින් සාමය’ යන තේමාව යටතේ පැවති මෙවර සමුළුවේදී, කලාපීය ආරක්ෂක අභියෝගයන්ට විසඳුම් සෙවීමේදී ආරක්ෂක සහ හමුදා ක්ෂේත්රවලින් ඔබ්බට විහිදෙන විවිධ පරාසන් ඔස්සේ විසදුම් සෙවීමේ වැදගත්කම පිළිබඳව මේ පිළිබඳ පුළුල් දැනුමකින් යුත් කථිකයින් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.
එසේම, මෙම සමුළුවට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් මිත්‍ර පාක්ෂික රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් කිහිප දෙනෙකු සමඟ හමුදා සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡාවන් ද පැවැත්වීය.