ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් හමුවෙයි

නකෞරා ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc (ගජබා රෙජිමේන්තුව) 2025 අගෝස්තු මස 29 දින බේරූට් හි තානාපති කාර්යාලයේදී ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු කපිල ජයවීර මහතා හමුවිය.

එහිදී, තානාපතිතුමන් විසින් අණදෙන නිලධාරි ඇතුළු කණ්ඩායම උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ලෙබනනයේ ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම හිමිකර ගෙන ඇති කීර්තිය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.හමුව අවසානයේදී ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් අණදෙන නිලධාරි විසින් තානාපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.