1st September 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 සැප්තැම්බර් මස 01 දින පැවති උත්සවයකදී මේජර් ජෙනරල් ආර්.පී.එස් ප්‍රසාද් RWP RSP USP වෙත මේජර් ජෙනරල් නිලය නිල වශයෙන් ප්‍රදානය කළේය. මෙම අවස්ථාවට එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියහ.
මෙම අවස්ථාවේදී, නවතමයෙන් උසස්වීම් ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය හෘදයාංගම සුබ පැතුම් හා ශුභාශිංසන පිරිනැමීය.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමන ලදී.