30th August 2025
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණ කිරීමේ සංශෝධිත උපායමාර්ගය - 2025-2027 (launch of the revised Sri Lanka Mine Action Completion Strategy -2025-2027) ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන 2025 අගෝස්තු 28 දින බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා මෙම වැඩසටහනේ මුලසුන දැරූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපතිද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වන ලද ප්‍රදර්ශනයන්ට අමතරව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ K9 ඒකකය විසින් බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන්ගේ ක්‍රියාකාරකම් සහිත නිරූපණයක් සහ තොරතුරු සහිත කෙටි විස්තරයක් ඉදිරිපත් කරන ලදී. එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා ඉහළ පුහුණුවක් ලැබූ එම සුනඛයන්ගේ දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කළහ.
ඒ අනුව, බිම්බෝම්බ සහ නිශ්ක්‍රිය නොකරන ලද බිම්බෝම්බ හඳුනාගැනීමේදී මෙම විශේෂිත සුනඛයන්ගේ කාර්යක්‍ෂමතාව, නිරවද්‍යතාවය සහ විනය මෙම ක්‍රියාකාරකම් මගින් ඉස්මතු කරනු ලැබීය.
වැඩසටහන අවසන් කරමින් දිවා භෝජන සංග්‍රහයක් ද පැවති අතර, එහිදී මෙම වැඩසටහනට සහභාගී වූවන් සුහද කතා බහක නිරත විය.