ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට නදීෂා රාමනායක සහ සුමේධ රණසිංහ තේරී පත් වෙයි

IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, 400m ඉසව්වේ ජාතික ශූරිය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ආර් නදීශා තේරීපත්ව ඇති අතර, මෙවර ලෝක ශූරතා තරඟාවලියට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකාව ලෙස ඇය පත්විය. මෙම තරඟාවලිය 2025 සැප්තැම්බර් මස 13 දින සිට 21 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.

එසේම, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ආර්.ඒ.එස්.ජේ රණසිංහ ද IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට තරඟ කිරීම සඳහා සුදුසුකම් ලැබීය.