16th August 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අගෝස්තු මස 13 දින සවස ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනමේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
එම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර, එහිදී විශේෂයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක සහ ආගමික කටයුතු කෙරෙහි අවධානය යොමු කළහ.