14th August 2025
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන් සහ සහකාර ආරක්ෂක උපදේශක මේජර් ක්‍රිස් ෆවුලර් 2025 අගෝස්තු මස 11 දින ඇඹිලිපිටිය, ශ්‍රී ලංකා යුද ඉංජිනේරු පාසලේ නිල සංචාරයක නිරත වූහ.
පාසල් පරිශ්‍රය වෙත පැමිණි නියෝජිත පිරිස එම පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc විසින් පිළිගන්නා ලදී. පසුව, සේනාවිධායක විසින් මෙරට සහ ඕස්ට්‍රේලියාවේ සංග්‍රාමික ඉංජිනේරු කටයුතු පිළිබඳව විස්තරයක් සිදුකරමින් එහි භාවිතයන් සහ අවශ්‍යතාවයන් ගෙනහැර දැක්වීය. එහිදී ‘F3 Mine Lab’ බිම් බෝම්බ හඳුනා ගැනීමේ උපකරණ සහ දෙරටෙහි ඉදිරි පුහුණු හුවමාරු වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු විය.
නිල සංචාරය අවසානයේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.