ශ්‍රී ලංකා බලඇණියේ නව අණදෙන නිලධාරි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි හමුවෙයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා බලඇණියේ නව අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc 2025 ජූලි මස 26 දින නකූරා ප්‍රදේශයේ ස්ථාපිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි සහ අණදෙන නිලධාරි මේජර් ජෙනරල් ඩියෝඩාටෝ අබග්නාරා හමුවිය.

මෙම සුහඳ හමුව සමාප්තියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා බලඇණියේ නව අණදෙන නිලධාරි විසින් එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි සහ අණදෙන නිලධාරි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.