7th August 2025
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc Isc ගේ මඟපෙන්වීම මත එම අධ්යක්ෂ මණ්ඩලයේ අභිමානවත් 11 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජූලි මස 31 දින සංවත්සර සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.
මෙම සංවත්සර දින සැමරුමට සමගාමීව, එම අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2025 ජූලි මස 30 සිට අගෝස්තු මස 01 දින දක්වා එම කඳවුරු පරිශ්‍රයේදී ධර්ම දේශනාවක්, වැල්ලවත්ත කෝවිල් පරිශ්‍රයේදී හින්දු ආගමික ආශිර්වාද වැඩසටහනක්, කටුබැද්ද ක්‍රිස්තියානි දේවස්ථානේදී කතෝලික දේව මෙහෙයක් සහ රත්මලාන බිහිරි විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් දානමය වැඩසටහනක් සහ සංගීතමය වැඩසටහනක් පවත්වන ලදී. මෙම අවස්ථාවට අධ්යක්ෂ මණ්ඩලයේ සියලු නිලය සහභාගි විය.