7th August 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අගෝස්තු මස 06 දින, පානාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පරිශ්‍රයේ රැස්ව සිටින ලද රණක්‍ෂිතයටපත් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ගැටළු සහ සුභසාධන කටයුතු පිළිබඳව සොයාබලන ලදී. මෙම අවස්ථාව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc සමඟින් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ විසින් පිළිගන්නා ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අභිමංසල II සුවතා නිකේතය වෙත රථයක් පරිත්‍යාග කරන ලදී. අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ උපදෙස් මත එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සහ දෛනික භාවිතය සඳහා මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.