7th August 2025
13 වන ආරක්ෂක සේවා කරාතේ තරඟාවලිය 2025 අගෝස්තු මස 04 සහ 05 දෙදින තුළ පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඩී සලේ සහභාගි විය.
තරඟාවලිය අතරතුරදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරමින් පිරිමි කාණ්ඩයේ රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනු ලැබීය. පිරිමි බර පන්ති 7 න් 6 ක ජයග්‍රහණය හිමිකරගනිමින් ඔවුන් ලකුණු 58 ක් හිමිකරගත්හ. තරඟාවලියේ කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් අඛණ්ඩව සිව්වන වරටත් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදාව සමත්විය.
තරඟාවලියේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
• කිලෝ ග්‍රෑම් 50 ට අඩු කුම්තේ රන් පදක්කම: 19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්රල් ප්‍රියදර්ශන
• කිලෝ ග්‍රෑම් 55 ට අඩු කුම්තේ රන් පදක්කම: 19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මාණ්ඩලික සැරයන් බණ්ඩාර
• කිලෝ ග්‍රෑම් 60 ට අඩු කුම්තේ රන් පදක්කම: 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්රල් ඩයස්
• කිලෝ ග්‍රෑම් 67 ට අඩු කුම්තේ රන් පදක්කම: 1 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්රල් සිල්වා
• කිලෝ ග්‍රෑම් 84 ට අඩු කුම්තේ රන් පදක්කම: 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සැරයන් කරුණාරත්න
• කිලෝ ග්‍රෑම් 50 ට අඩු කුම්තේ රන් පදක්කම: 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් වීරසිංහ
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.