මීට වසර දෙකකට පෙර බණ්ඩාරවෙල, පූනාගල ප්‍රදේශයේ ඇති වූ නායයෑමක් හේතුවෙන් අවතැන් වූ පවුල් 50 ක් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදෙයි. සමාජ සවිබල ගැන්වීම සහ සමාජ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබයි.
මේ වනවිට එම ව්‍යාපෘතිය යටතේ නව නිවාස 40 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. දැනට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 2025 නොවැම්බර් මස අග වනවිට අවසන් කිරීමට නියමිතව ඇත.