ප්‍රථිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණූ පාඨමාලාව - නිලධාරි අංක - 35 සාර්ථකව අවසන්

2025 අප්‍රේල් මස 28 දින සිට අගෝස්තු මස 01 දින දක්වා මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පවත්වන ලද ප්‍රථිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණූ පාඨමාලාව - නිලධාරි අංක - 35 සාර්ථකව අවසන් විය.

පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එල්.අයි කරුණානායක RWP RSP ndc විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.

මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරි 22 ක්, නාවික හමුදාවේ නිලධාරි 2 ක්, ගුවන් හමුදාවේ නිලධාරි 2 ක් සහ ඉන්දීය හමුදාව, පකිස්ථාන හමුදාව, බංග්ලාදේශ හමුදාව, මාලදිවයින ජාතික ආරක්‍ෂක බලකාය සහ චීන හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 5 දෙනෙකු ඇතුළුව නිලධාරීන් 31 දෙනෙකු සහභාගි විය.

පාඨමාලාවේ හොඳම ශිෂ්‍ය නිලධාරියා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කපිතන් එච්.ජී.ජේ.කේ.ඩී පතිරාජ සම්මාන හිමිකර ගත්තේය.