ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති වෙත එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 1 බලකායේ 7 වන බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත ගෞරවාචාර පිනැමීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 03 දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි එම ‍බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

ප්‍රධාන දොරටුව වෙත පැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන බලකාධිපති සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.