1st August 2025
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මත 21, 54 සහ 56 පාබල සේනාංකවල භටපිරිස් වෙනුවෙන් ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන තේමාව ඔස්සේ 2025 ජූලි මස 30 දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේදී දේශනයක් පැවැත්විණි.
යුද්ධ හමුදා සාමාජිකයන් අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හා දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ලුතිනන් කර්නල් ඊ.ඒ.එස්.එස් චාමින්ද සහ මේජර් එම්.අයි මරික්කාර් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන තුළින් භටපිරිස් අතර මානසික යහපැවැත්ම සහ වෘත්තීමය තෘප්තිමත්භාවය ශක්තිමත් කිරීම සඳහා වටිනා අවබෝධයක් ලබාදෙනු ලැබීය.