31st July 2025
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස්, 2025 ජූලි මස 26 දින 22 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස් පෙරේරා RWP RSP ndc හමුවිය.
එහිදී පැවති සුහඳ සාකච්ඡාව අතරතුරදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර දෙරටෙහි පවතින අන්‍යෝන්‍යය සබඳතාවයන් තවදුරටත් ශක්තිමත් කෙරිණි. මෙම සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.