යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දැනුවත් කිරීමේ දේශන මාලාවක්

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, 1 බලකා මූලස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යන මූලස්ථාන පරිශ්‍රයන්හිදී දැනුවත් කිරීමේ දේශන මාලාවක් පැවැත්වීය.

එහිදී, යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ කර්නල් ටී.ජී.එන් ද සිල්වා විසින් එම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සපයන සේවාවන්, සුභසාධන පහසුකම්, ප්‍රවේශවීමේ ක්‍රියා පටිපාටි සහ ගෙවීම් ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කෙරිණි. සාමාජිකත්වය කළමනාකරණය, පොදු අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම් සහ නිවැරදි ලියකියවිලි සකසාගන්නා ආකාරය වැනි ප්‍රධාන පරිපාලන කරුණු පිළිබඳව ද එහිදී අධ්‍යක්‍ෂතුමන් පැහැදිළි කළේය.

විනිවිදභාවය සහ කාර්යක්‍ෂමතාව සඳහා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කැපවීම පිළිබඳව අවධාරණය කරමින්, එම අරමුදලේ ප්‍රතිලාභවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කළේය. මෙම දේශනය සඳහා සහභාගිවූවන් සතු ගැටළු ඉදිරිපත් කිරීමට සහ යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවාවන් පිළිබඳ සිය අවබෝධය වැඩිදියුණු කිරීමට අදහස් හුවමාරුවක් ද එහිදී සිදුකෙරිණි.