51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ඉරුපලෙයි පිහිටි තෙරේසා මාතා වැඩිහිටි නිවාසය, පුත්තූර් පිහිටි ශාන්ත ලූකස් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසය සහ උරුම්පිරායි පිහිටි සෙල්වපුරම් උදය සූරියන් පෙරපාසල වෙත 2025 ජූලි මස 27 දින පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය මේජර් ජෙනරල් (විශ්‍රාමික) රවී රත්නසිංහම් විසින් සපයනු ලැබූ අතර, මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභීන් 100 දෙනෙකුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc සහභාගි වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.