22nd July 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 20 දින කුකුලේගඟ, ලයා ලෙෂර් යුද්ධ හමුදා සුභසාධන නිවාඩු නිකේතනයේ නිල සංචාරයක නිරත වූයේය.
මෙම සංචාරය අතරතුර, හෝටලයේ සාමාන්‍යාධිකාරි විසින් එම හෝටලය පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හෝටලයේ නවාතැන් පසුකම්, ප්‍රධාන අවන්හල, මුළුතැන්ගෙය, කායවර්ධන ශාලාව සහ පුහුණු ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රධාන ක්‍රියාකාරී අංශ කිහිපයක් නිරික්‍ෂණය කළේය. තවද, ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත සහ ප්‍රතිසංස්කරණය කරන ලද කාමර අංක 214 සහ 215 ද්විත්ව කාමරයන්ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිරීක්‍ෂණය කරන ලදී.
මෙම සංචාරය සඳහා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටලයේ සාමාන්‍යාධිකාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගි වූහ.