20th July 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජූලි මස 18 දින මත්තේගොඩ, ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක නිරතවිය.
ඉංජිනේරු සේනාංකය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
ඉන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සියලු නිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 5 කාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ මෙන්ම 14 රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුවේ සහ 16 වැඩපළ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළේය. එහිදී, සිය දැක්ම සහ අරමුණු පිළිබඳව පැහැදිළි කරමින් එකමුතුකම, ක්‍රියාන්විත විශිෂ්ඨත්වය සහ රෙජිමේන්තුවේ ප්‍රවර්ධනයේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. එමෙන්ම, රෙජිමේන්තුවේ ප්‍රගතිය වෙනුවෙන් කැපවීමෙන් සහ සාමූහික වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තවදුරටත් පෙන්වාදෙන ලදී.
සිය දේශනයෙන් අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.
එසේම මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විසින් 14 රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වෙත අළුත්වැඩියා කළ බිම්බෝම්බ හඳුනාගැනීමේ රථයක් භාරදෙන ලදී.
මෙම සංචාරයේදී, ඉංජිනේරු සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.පී කරුණාතිලක RSP ඇතුළු ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් සේනාංකාධිපති කාර්යාලයේදී බලකාධිපති වෙත රාජකාරීන් පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී. ඒ අනුව එහිදී, එක් එක් ආයතනයන්හි ක්‍රියාන්විත සූදානම, රාජකාරීන් සඳහා භටපිරිස් යෙදවීමේ ආකාරය සහ කාර්යය සාධනයන් පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරන ලදී.
මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විසින් ඉංජිනේරු සේනාංකය මෙන්ම එම ඒකකයන්හි විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තබන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.