20th July 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ රණවිරු ඇපරල් ඇඟලුම් ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 18 දින යක්කල පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
එම කර්මාන්ත ශාලා පරිශ්‍රය වෙත පැමිණි මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඒ.ඩී.ජේ.ඩී ගුණතිලක RSP USP විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම ආයතනයේ ඉතිහාසය, කාර්යභාරය, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ කළමනාකරණ පද්ධති පිළිබඳව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.
මෙම සංචාරය අතරතුරදී, මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc එම කඳවුරු පරිශ්‍රයේ ‘නෙල්ලි’ පැළයක් රෝපණය කළේය. ඉන් පසුව, එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී. එසේම, එම පරිශ්‍රයේ යටිතල පහසුකම් වල ප්රමිතීන් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස ද තවදුරටත් උපදෙස් ලබාදෙන ලදී. අනතුරුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහයෝගය මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් උසස් තත්ත්වයේ නිල ඇඳුම් සහ ආයිත්තම් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බවට සහතික විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.