16th July 2025
අලිමංකඩ කඳවුර ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වසර 34 කට ප්‍රථම දිවිපිදූ ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ වීරෝදාර රණවිරුවෙකු වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවංගත කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා වෙනුවෙන් 2025 ජූලි මස 14 දින 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අලිමංකඩ පිහිටි එම රණවිරුවාගේ ප්‍රතිමාව අභියසදී අනුස්මරණ උත්සවයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc සහභාගි වූ අතර, එසේම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ දිවංගත කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවාගේ ඥාතීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීතය ගායනා කිරීමෙන් පසුව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් දිවංගත කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවානන් අනුස්මරණය කරනු ලැබීය.
පසුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් දිවංගත එම රණවිරුවාගේ ස්මාරකය වෙත සිය පුෂ්පෝපහාර දැක්වීමේන් අනතුරුව, පැමිණ සිටි අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අභාවප්‍රාප්ත කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවගේ ඥාතීන් විසින් එම රණවිරු ස්මාරකය වෙත සිය පුෂ්පෝපහාරයන් පුදකළහ.