15th July 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශ්‍රාම ලැබීමට පෙර ඔවුන්ව සාර්ථක විශ්‍රාම දිවියකට සූදානම් කිරීමේ අරමුණින් පවත්වන ලද ‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය 2025 ජූලි මස 14 දින පැවැත්විණි. මෙම වැඩසටහන රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත පැවැත්විණි.
නිල ඇඳුමෙන් ඔබ්බට විශ්‍රාම දිවිය සඳහා සූදානම් වීමේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට පූර්ව සහයෝගයක් ලබාදීමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩසටහනේදී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සාර්ථක විශ්‍රාම දිවියක් සඳහා යුද්ධ හමුදා නිලධාරින්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ථක විශ්‍රාම දිවියක් ගතකරන විශ්‍රාමික යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මේ පිළිබඳ හසල දැනුමකින් යුත් සිවිල් උපදේශක වරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් විශ්‍රාම යාමට ප්‍රථම තම විශ්‍රාම දිවිය සැලසුම් කිරීම, මූල්‍ය කළමනාකරණ පුහුණුව, සිවිල් සමාජයේ පවතින වෙනස්කම් දරාගැනීමේ හැකියාව ගොඩනැඟීම සහ සමාජයේ පවතින වෘත්තීය අවස්ථාවන්වලට යොමුවීම සඳහා මඟපෙන්වීම් ලබාදීම පිළිබඳ දේශනයන් පවත්වන ලදී.
හමුදා දිවියෙන් සිවිල් දිවියට යොමුකිරීම සඳහා ක්‍රියාත්මක කළ මෙම දෙදින වැඩසටහන 2025 ජූලි මස සිට 2026 ජූලි මස අතර කාලය තුළ විශ්‍රාම යාමට හෝ සේවයෙන් ඉවත් වීමට නියමිත කර්නල් සහ ඊට ඉහළ නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් නිර්මාණය කරනු ලැබිණි.