‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ යන වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රදානත්වයෙන්

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් ‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ යන තේමාව ඔස්සේ 2025 ජූලි මස 14 සහ 15 දෙදින තුළ පැවති වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත පැවැත්විණි.

උත්සව අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc විසින් පිළිගන්නා ලදී.

උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc එක්ව උත්සව අවස්ථාව සඳහා සහභාගි වූ සියලු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

නිල ඇඳුමෙන් ඔබ්බට විශ්‍රාම දිවිය සඳහා සූදානම් වීමේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට පූර්ව සහයෝගයක් ලබාදීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව අතරතුරදී, අනාගතයේ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන නිලධාරින් වෙත ඔවුන්ගේ විශ්‍රාම දිවියේ බලාපොරොත්තු සාර්ථක කරගැනීම වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම සඳහා වැඩසටහනක් පැවැත්වීමට ද මෙම වැඩමුළුව අතරතුරදී යෝජනා විය.