51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජූලි මස 07 දින මාදගල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර නිවාසලාභියා වෙත පවරාදෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc සහභාගි විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජීවා බාලසිංහම් මහතා විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූ අතර ශ්‍රම දායකත්වය 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, නිවාසලාභියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.