12th July 2025
54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජූලි මස 09 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 541, 542 සහ 543 පාබල බලසේනා බලප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහන් පවත්වන ලදී. මෙම වැඩසටහන එම ප්‍රදේශයන්හි තෝරාගත් පාසල් 100 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරිණි.
එසේම, 56 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණියන්හි භටපිරිස් සිය බලප්‍රදේශයන්හි පිහිටි පාසල් 18 ක් සහ එක් රෝහලක් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළහ.
එමෙන්ම, 59 පාබල සේනාංකය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් යුතුව එම සේනාංක බලප්‍රදේශයේ පාසල් 79 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මේ අතර, 2025 ජූලි මස 09 දින 212 පාබල බලසේනා බලප්‍රදේශයේ තෝරාගත් පාසල් 09 ක් ආවරණය වන පරිදි තවත් ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්විණි.
ඩෙංගු මර්ධනය හා ඩෙංගු මදුරුවන් තුරන් කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයන්ට ක්‍රියාකාරීව සහාය දැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීම සහ පාසල් ළමුන් සම්බන්ධ කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.