11th July 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 09 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුරදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි එම රෝහලේ පවතින ගැටළු සම්බන්ධයෙන් සියලුම අධ්යක්ෂවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර රෝහල් කාර්ය මණ්ඩලයේ නවාතැන් පහසුකම් ද පරීක්ෂා කරනු ලැබීය. අනතුරුව, එම රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයක් සිදුකළ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තවදුරටත් සිදුකළයුතු නිවැරදි කිරීම් පිළිබඳව අදාළ බලධාරින් වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.
රෝගීන් ලියපදිංචි කිරීමේ අංශය, බාහිර රෝගී අංශය, රෝගීන්ගේ ආපනශාලාව සහ ඖෂධාගාරය ඇතුළු රෝහලේ ප්‍රධාන ක්‍රියාකාරී අංශ කිහිපයක් ද නිරීක්ෂණය කළ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් මේ වනවිට ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතින මහල් 15 කින් යුත් ගොඩනැගිල්ල ද නිරීක්ෂණය කරන ලදී.
මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.