විහාරපළුගම ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

අනුරාධපුර, පණ්ඩුලගම, විහාරපළුගම වන රක්‍ෂිතයේ 2025 ජූලි මස 06 දින ලැව්ගින්නක් ඇති වූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ 212 පාබල බලසේනාව සහ 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ලැබීය.

සීඝ්‍රයෙන් පැතිර ගිය මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා යෙදවූ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් එම ගින්න අවට අලි ඇතුන් වෙසෙන කැලෑබද ප්‍රදේශ වෙත පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ලදී. ඒ අනුව, පැය හතරක කාලසීමාවක් තුළදී ඔවුන් සාර්ථකව ගින්න මැඩපවත්වා තවදුරටත් සිදුවීමට තිබූ පාරිසරික හානිය වළක්වාගනු ලැබීය.