7th July 2025
55 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් USP ndc විසින් 2025 ජූලි මස 01 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
රාජකාරි භාර ගැනීමෙන් පසු, නව සේනාංකාධිපති භටපිරිස් ආමන්ත්‍රණය කිරීම සිදුකළ අතර අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට එක්විය. මෙම අවස්ථාවට එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.