5th July 2025
22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2025 ජුනි මස 26 දින සිට 29 දින දක්වා විගණන නිරීක්ෂණ අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 64 දෙනෙකු සහභාගි වූ අතර, නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ විගණන හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින් අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.