4th July 2025
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ, 15 වන ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක භට කණ්ඩායම 2025 ජූලි මස 02 දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරින් අවසන් කිරීමෙන් පසු නැවත දිවයිනට පැමිණියහ.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ RSP විසින් අණ දෙන ලද 15 වන ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක භට කණ්ඩායමට නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 114 දෙනෙකුගෙන් සමන් විත වූ අතර, ඉන් රාජකාරි භාරදීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් නිලධාරීන් අට දෙනෙකු සහ සෙසු නිලයන් හතර දෙනෙකු ලෙබනනයේ රැඳී සිට අනෙකුත් අයවලුන් දිවයිනට පැමිණෙන ලදී.
දිවයිනට පැමිණි භටපිරිස යුද්ධ හමුදා ගමන් පාලන අධ්යක්ෂ බ්‍රිගේඩියර් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් විසින්උණුසුම් ලෙස පිළිගන්නා ලදී.