4th July 2025
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ලබාදෙනු ලැබූ මෝටර් රථවලින් තවත් එක් රථයක් 2025 ජූලි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවය කදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
ඒ අනුව රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිබඳව කැපවී සිටින මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සහ දෛනික භාවිතය වෙනුවෙන් මෙම රථය එම සුවතා නිකේතනය වෙත අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ලබාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ, මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනයේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නේවාසික රණවිරුවන් පිරිසක් සහභාගි වූහ.