3rd July 2025
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2025 ජුලි මස 02 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ‘අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් වලදී යුද්ධ හමුදාවේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ දෙදින වැඩමුළුවක් පැවැත්වීය.
නීති සේවා මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟපෙන්වීම මත ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ සහයෝගයෙන් යුතුව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිලධාරින් සතු තීරණ ගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම, නීතිය බලාත්මක කිරීමේදී යුද්ධ හමුදාවේ කාර්යභාරය, ගිනි අවි, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම වැනි කරුණු පිළිබඳව දැනුවත් කෙරිණි.
දකුණු ආසියානු සන්නද්ධ හමුදාවන්හි කලාපීය නියෝජිත බ්‍රිගේඩියර් ජෙනරාල් (විශ්‍රාමික) ලොයිඩ් ගිලට් OBE සහ දකුණු ආසියානු සන්නද්ධ හමුදාවන්හි ශ්‍රී ලංකා සන්නද්ධ හා ආරක්‍ෂක වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා විසින් මෙම වැඩසටහනේ දේශනයන් පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් රැසක් සහභාගි වූහ.