54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc 2025 ජුනි මස 29 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපති සමූහ ඡායාරූපයක් සඳහා පෙනීසිටීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.