30th June 2025
ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc වෙත 58 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 21 වන පවත්වන ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයකට පෙනී සිටීයේය. පසුව සේනාංකාධිපති විසින් සියලු නිලයන් අමතමින්, තම ධූර කාලය තුළ සියලුම නිලයන් කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව රාජකාරි කිරීම පිළිබදව සිය කෘතවේදීත්වය පළ කළේය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති වෙනුවෙන් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයේදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු නිලයන් සමඟ සුහඳ පිළිසදරක නිරත විය. මෙම අවස්ථාවට එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.