29th June 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 ජුනි මස 26 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට පැමිණි නව සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, මවිබිම වෙනුවෙන් දිවිපිදූ කපිතන් සාලිය අලදෙණිය PWV ස්මාරකය වෙත පුෂ්පෝහර දැක්විය.
ඉන්පසු, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායකවෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී.
පසුව, සේනාවිධායක එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.නව සේනාවිධායක භටපිරිස් අමතමින් තමා වෙත පිරිනමන ලද උණුසුම් පිළිගැනීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. අනතුරුව අභිමානවත් ඉතිහාසයක් ඇති ස්වේච්ඡා බලසේනාවට සේවය කිරීමට තමා තුළ ඇති කැපවීම සේනාවිධායක අවධාරණය කළ අතර, මව්බිමවෙනුවෙන් දිවිපිදූ ස්වේච්ඡා බලසේනා රණවිරුවන්ගේ සහ ක්‍රියාන්විතවලදී රණක්‍ෂිතයපත් රණවිරුවන්ගේ කැපකිරීම් වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාවය පළ කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් ද සහභාගි වූහ.