29th June 2025
306 සී සිංහ සමාජය සමඟ එක්ව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 මැයි මස 27 දින මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේදී රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී. මධ්‍යම පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රනී රොද්‍රිගෝ මහත්මිය ද එක් වූවාය. එම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් රෝද පුටු 27 ක් සහ කිහිලිකරු යුගල් 240 ක් සංකේතාත්මකව බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට රණක්‍ෂිතයටපත් රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන්, මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්, සහ දැනට වෛද්‍ය ප්‍රථිකාර ලබන රණවිරුවන් ඇතුළු ප්‍රතිලාභීන් 2,500 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. මෙම වෛද්‍ය කඳවුරට වෛද්‍ය උපදේශන, කෘත්‍රිම අවයව නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය උපදේශන සහ පෝෂණ මාර්ගෝපදේශ ඇතුළත් විය.
වෛද්‍ය කඳවුරට සහභාගී වීමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.