26th June 2025
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුනි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1991 ජනවාරි මස 02 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැඳුනු මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 අගෝස්තු මස 29 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජුනි මස 05 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජුනි මස 26 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති යන ධූරයන් හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළදී 7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි සහ බුද්ධි නිලධාරි, 20 වන බතරොයියේ බතරොයි කපිතන්, 9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ විධායක අධිකාරි, 14 වන රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 141 වන රොකට් බතරොයියේ බතරොයි අණදෙන, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි III (අතිරේක), 9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 91 වන බතරොයියේ බතරොයි අණදෙන, කාලතුවක්කු බලසේනාවේ බලසේනා මේජර්, 6 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 17 වන බතරොයියේ බතරොයි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි අධ්‍යයන මධ්‍යස්ථානයේ උපදේශක, කාලතුවක්කු බලසේනා මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවන ලදී.
එමෙන්ම, සුඩානයේ එක්සත් ජාතීන්ගේ ක්‍රියාන්විතයේ හමුදා නිරීක්‍ෂක, දේශීය නිලධාරි අධ්‍යයන මධ්‍යස්ථානයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානි, 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (උත්සව) සහ කර්නල් (පාලන), 613 පාබල බලසේනාවේ බලසේනාධිපති, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 14 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති යන ධූරයන් ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හොබවන ලදී.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණවික්‍රම පදක්කමෙන් සහ උත්තරීතර සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරි පුනරීක්‍ෂණ පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් පුහුණු පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උපදේශක පාඨමාලාව සහ නිරීක්‍ෂක හා මාණ්ඩලික නිලධාරි පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් හදාරන ලදී.
එමෙන්ම, කාලතුවක්කු තරුණ නිලධාරි (කාරක) පාඨමාලාව - ඉන්දියාව, Multi-Barrel Rocket Launcher පාඨමාලාව - පාකිස්ථානය, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, දීර්ඝ කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය, ප්‍රජාව පදනම් කරගත් ආපදා අනතුරු කලමනාකරණය සඳහා ස්ත්‍රි පුරුෂ භාවය පදනම් වු පාඨමාලාව - කෙන්යාව සහ the Building Integrity for Senior Leaders පාඨමාලාව - එක්සත් රාජධානිය වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.
මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් ආරක්‍ෂක අධ්‍යයනය (කළමනාකරණ) පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගෙන ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2004 වර්ෂයේදී පාකිස්ථානයේ පැවති යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන චාරිකාව සහ 2018 වර්ෂයේදී තායිලන්තයේ පැවති අග්නිදිග ආසියානු කලාපීය ත්‍රස්ත විරෝධී සමුළුව වැනි ජාත්‍යන්තර සංසදයන්ට ද සහභාගි වී ඇත.