24th June 2025
වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ RWP RSP ndu psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජූනි මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1989 ජනවාරි මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැඳුනු මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc, බඳවා ගැනීම් අංක 31 යටතේ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජුනි මස 26 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු කිහිපයක සභාපති ලෙස ධූරයන් හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළදී 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි සහ විධායක අධිකාරි, 3 සහ 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවන්හි නිලධාරි අණදෙන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ඛණ්ඩභාර නිලධාරි සහ බලඝණ අණදෙන නිලධාරි, 534 සහ 524 යන පාබල බලසේනාවන්හි බලසේනා මේජර්, යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 2 (අතිරේක), 9 සහ 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවන්හි දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුමේ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී U1 ශාඛාව (පරිපාලන) වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
තවද, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පීඨයේ පර්යේෂණ සම්බන්ධීකාරක සහ පීඨාධිපති, 22 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 511 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ජනමාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ/ප්‍රකාශක, යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර යුද සේවා ලේකම්, 52 සහ 51 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති, යුද සේවා ලේකම්, විධායක ජෙනරාල්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, යුද්ධ හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ධූරය සහ යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු කිහිපයක සභාපති යන ධූරයන් රැසක් හෙබවීය.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණවික්‍රම පදක්කමෙන් (දෙවරක්) සහ රණශූර පදක්කමෙන් (දෙවරක්) පිදුම් ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය වෘත්තීය දිවිය තුළදී ඛණ්ඩභාර නිලධාරින්ගේ උපක්‍රමික පාඨමාලාව (අදියර II), ඛණ්ඩභාර නිලධාරින්ගේ පාඨමාලාව (අදියර III), කණ්ඩායම් අණදෙන නිලධාරින්ගේ පුණරීක්‍ෂණ පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, අණ සහ මාණ්ඩලික පාඨමාලාව, කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - ඉන්දියාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, සාමසාධක හමුදා ඇතුළත් කිරීමේ ආරම්භක පුහුණු පාඨමාලාව - හයිටි, උගන්ඩාවේ එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ පුහුණු පාඨමාලාව, කොරියානු ජනරජයේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව සහ කොරියානු ජනරජයේ කොරියානු භාෂාව පිළිබඳ පාඨමාලාව ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රැසක් සාර්ථකව හදාරන ලදී.
එමෙන්ම, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රික හා ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමාවක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගන්නා ලදී.