23rd June 2025
11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 19 දින මඩකලපුවේදී රුධිර පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදු කරනු ලැබීය. 243 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් නැගෙනහිර පළාතේ ජනතාව සමඟ ඇති සිවිල් - හමුදා සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන මඟින් රැස් කරන ලද රුධිර සංචිත, අසාධ්‍ය තත්වයන් යටතේ සිටින රෝගීන් වෙනුවෙන් ලබාදීම සඳහා කලාපීය රුධිර බැංකුව වෙත ලබාදීමට නියමිතය.