ඒකක වෙඩිකරුවන් පුහුණු කරවන්නන්ගේ පාඨමාලා අංක - 51 සාර්ථකව අවසන්

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.ජේ.ජී.ඒ.එම් සුබසිංහ RSP USP සහභාගී වු අතර, පාඨමාලාව හැදැරීම සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසු නිලයන් 28 දෙනෙකු සහභාගි විය.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ඉංජිනේරු සේවා බලකායේ කපිතාන් එල්.ආර් වීරමන්ත්‍රී හිමිකරගත් අතර, මෙම උත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.