විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිව පිළිගනු ලැබීය. අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

හමුදා සම්ප්‍රදායානූකූල උත්සව කටයුතු වලින් පසුව, නික්ම යන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.