යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.එල්.අයි කරුණානායක RWP RSP ndc විසින් 2025 ජුනි මස 17 දින සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

නව සේනාවිධායක එම පුහුණු පාසල් පරිශ්‍රයේදී තම ධූරය භාරගැනීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් පුහුණු පාසලේ සංවර්ධනය වෙනුවෙන් තම අනාගත දැක්ම ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.