5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පාසල් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, 5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මුලතිව්, සම්මුගරත්නම් දමිළ පාසල සහ ඕලුමඩු දමිළ පාසල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම මත එම විද්‍යාලයන්හි සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර 2025 ජුනි මස 16 දින පාසල් බලධාරින් වෙත පවරාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහභාගි විය.

මේජර් ජෙනරල් රවි රතන්සිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත ගෝබික්‍රිෂ්ණා පදනමේ ආචාර්ය ආරියතන් ගෝබික්‍රිෂ්ණා මහතා, වන්නි ආධාර සංවිධානයේ ලෝරන්ස් ජෝන්පිල්ලේ මහතා සහ අභාවප්‍රාප්ත ජෙසී ජෝන්පිල්ලෙයි මහත්මියගේ පවුලේ සාමාජිකයන් සිහි කිරීම සඳහා බාලරාජ් මහතා මෙම වැඩසටහන සඳහා සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.