18th June 2025
12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP 2025 ජුනි මස 12 දින ආගමික ආශිර්වාද මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. පසුව, සියලු නිලයන් ආමන්ත්‍රණය කළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සේනාංකයේ අභිවෘද්ධිය උදෙසා සිය දැක්ම පිළිබඳව පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.