යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 ජුනි මස 16 දින සිදුකරන ලදී. එම අවස්ථාව සඳහා උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.එම්.වී කොඩිතුවක්කු, මේජර් ජෙනරල් එච්.ඒ.එම් ප්‍රේමරත්න ndc psc Lsc, මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc, මේජර් ජෙනරල් ජී.සී.වී ප්‍රනාන්දු ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත් පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සිය සුබපැතුම් ද පිරිනැමීය. අනතුරුව, එතුමන් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී.