16th June 2025
13 වන ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාර ශූරතාව - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගීත්වයෙන් 2025 ජුනි මස 11 දින සිට 12 දක්වා කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම බර කාණ්ඩ 10 ක් යටතේ රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 1 ක් සහ ලෝකඩ පදක්කම් 1 ක් දිනා ගනිමින් සමස්ත ශූරයන් බවට පත්විය. එසේම කිලෝග්‍රෑම් 56 ට අඩු කාණ්ඩයේ තරඟකරමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර් ප්‍රසන්න පිරිමි කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශූරතාවය දිනා ගත්තේය.
තවද, බර පන්ති 5 කින් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 1 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගනිමින් යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම විසින් අනුශූරතාවය හිමිකරගන්නා ලදී.එසේම කිලෝග්‍රෑම් 57 ට අඩු කාන්තා කාණ්ඩයේ තරඟවදිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එම්.ටී ධනිකා දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශූරතාවය දිනා ගත්තාය.
යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා තරඟකරුවන් තරඟාවලියට සහභාගි වූහ.