16th June 2025
21 පාබල සේනාංකයේ 43 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී විජේසූරිය RSP USP ndc 2025 ජුනි මස 13 දින එම පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.
සේනාංක පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.